මවු බස් දින තෙත් වෙන දෑ මවු නෙත් ....

මවු බස් දින තෙත් වෙන දෑ මවු නෙත් ....

මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් පානදුර

ඉගැනුම සුදු බසින් ඉහළැයි සිතා අගයෙන් මවු බස සිප් හලෙන් ඉවත ලන්නේ කවුරුන් ? දැනුම සහ සිතනුම වැඩෙයි මවු බස යෙදුණම පර බසින් ඉගෙනුම නො දෙයි එම මුවහත්කම පර බසෙහි වැහැරුම පිණිස සිසු හට සුරුකම දෙනුව එ බසින් උගැනුම ඇවැසි යැයි කිම සිතනුම ? ලොවැ දියුණු රටවල සිය බසින් ඉගැනුම කළ නමුදු බිහි වන සිසු කැල වහරති විදෙස් බස් පෙළ එම හුරුව අප සිසුට දෙනුමට සිතනු වෙනුවට පර බසින් ඉගැනුමට යෙදෙත දැයෙ පණ වෙයි මොට මවු බසින් ඉගැනුම එ කල තිබුණෙන් විදු බිම ලැබු අය නැණ - දැනුම සිඳිති මවු බස එයයි සරදම ! තමන් නැඟි හිණිමඟ සිඳිත සිප්හලෙ පා රඟ මවු බස් දිනෙහි ළඟ දැයෙ මවගෙ නෙත එයි කඳුළු නැඟ ...! 2024/02/21
කවිය බලන්න