සුබ අලුත් අවුරුද්දක් වේවා !

සුබ අලුත් අවුරුද්දක් වේවා !

මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් පානදුර

ආවේ අලුත් අවුරුදු තුරු-ලිය පල සරු කර රාවේ සියොත් ගී සවනත නංවා සත් සර යාවේ හිරුත් නව ලොවකට විදා කිරණ තර හාවේ දසත් දැය දිනවුම කර අදිටන බර කාගේ නැතත් බක් මහ අවුරුදු අසිරිය අපේ වාගේ කිසිත් නැත දුරුතේ පල නැති ගස් හපේ මාගේ අලුත් අවුරුදු ඇති තුරු ඉර-හඳ කපේ යාගේ සුරත් ගෙන රැකි යුතු හෙළ දෙස-රැස ඔපේ දාමේ බඳිත් සැම දෙන ගෙන දැය නැඟුමට දිරි නාමේ දෙසෙත් පතුරා තුර උදා - අවර ගිරි යාමේ අලුත් වී දොර-දොර නිති උතුරන කිරි සාමේ සිතෙත් රජ වේවා, ලැබ තිසරණ සිරි ! සුබ අලුත් අවුරුද්දක් වේවා !
කවිය බලන්න