මගේ හිතත් ඇවිලුනා ප්‍රේමයක
මගේ හිතත් ඇවිලුනා ප්‍රේමයක
ගිනි පුලිඟු හැම තැනම විසිරෙනා
උනුහුමක් ගත පුරා වෙලාගෙන
ලං වුනා ප්‍රේමයක මගේ තනි හිතට දැනුනු….
අවසනක් නොපෙනෙනා
අරමුණක් නොම දැනා
හීන පුරවන් හදේ කොන් වල
බැදුණි එක් ප්‍රේමයක්
මගේ හිතට දැනුනු…..
හමු නොවන බව දැන දැනම
අතරමග වෙන් වෙනා
සිහිනයේ මුදු සුවද සේ
රිදුම් දුන් ප්‍රේමයක්
මගේ හිතට දැනුනු
මගේ හිතම විඳවූ....
Photo Credit; Pablo Heimplatz
