සිප්පිකටු

සිප්පිකටු

මාලිනී හෑගොඩ USA

වෙරළට පාව ආ බෙලි කටු ඇහිඳින්න දුවගෙන ගිය මතකය අවදිව ඔන්න හිත වට කරයි රැළි නැඟ නැති නවතින්න ආයෙත් ඇහිඳගමි මං ඒ කටු ගොන්න වැලි මත ඇවිද ගිය අඩි පාරවල් වල ඊළඟ රැල්ල දුක නැතුවම වහන් කළ සලකුණු මතක් වී හිත යට නිධන් කළ මතකය කැඩුණු බෙලි කටුතුඩකි උල් කළ ඒ තුඩු ඇනී රිදවෙන හදක මුල්ලක ලස්සන සිප්පිකටුවකි මතක ගොන්නක රවුමට එහි ඇඳුණු මල්කම් ලිය වැලක මුල ඉඳ කතාවම ලියවී ඇති සෙයක සමහර සිප්පි කටු දිගටිය මනහරය සමහර රවුම් ඒවා වුව පැහැබරය කැඩී බිඳී ගිය ඒවත් සුන්දරය ඒවා යටින් ඇති තතු නම් දුක්බරය පණ නැති බෙලි කටුව කිසිවක් මතක නැතී කලකදි නිවෙස විය බෙල්ලෙකුට පණ ඇතී ඒ කාලෙදී ඌ සතුටින් ඉන්න ඇතී කටු ඇහිඳපු මට දුක උරුමයකි නිතී Photo Credit; Parastoo Maleki
කවිය බලන්න