චිත්‍රා 2

චිත්‍රා 2

නිමල් අබේසිංහ කඳාන

ඒක් ටැම් ගෙයක නුඹ හිරකර තබනවිට
ඔය රුව වනනවා ඇහුනා විටින් විට
දුටු සඳ උමතු වෙනවලු යයි කටින් කට
දිවි පරදුවට දා එමි නුඹ දකින්නට

මීන නයන දෙබැමෙහි හැඩ දේදුනුය
සිහින මවන රන්වන් ගත විසිතුරුය
පාන සිනා මල්සර හීයක් වැනිය
පේන කියන උන් නම් මට වහ වැනිය

එතන බැඳි වැටකි චක්‍රාවාලයකි
අතන ගැඹුරු දිය අගලකි කිඹුල් සකි
වටම නපුරු ආයුධ ගත් සෙබළු ඇති
එක් ටැඹ වටා බැඳි උස්වූ පව්‍ රු ඇතී

රහස් කියයි සවනට මෙහි තුරුවදුළු
පහන් වෙන්න තවමත් කාලය මදිලු
යහන් තලේ නුබ වගුරනවද කඳුළු
කඳුළු නෙවෙයි ඒව වෙයි මුතු පබළු

අදත් බැරිය මේ බාධක පැනගන්න
සිටිත් සෙබළු සීයක් නුඹ රැකගන්න
මදිත් කිඹුලු දත කට බිල්ලක් ගන්න
යළිත් එමිය චිත්‍රා ඉවසාපන්න

කවිය බලන්න