රණ්ඩුව

රණ්ඩුව

නිමල් අබේසිංහ කඳාන

සිනා සී චණ්ඩ හිරු වසාගෙන අහස උනා රැස් කදම්බය කරයි මා වෙහෙස එදා මනරම් ලෙසම කියා රස රහස මෙදා පිටුපායමින් දකී මගෙ දෝෂ පියතෙපුල් තොදොල් බස් ඇතුල හරි තිත්තයි රැවටුවේ මා නොවේ නුබ තමා සත්තයි ගත පුරා රුදු විසක් මගෙ වැළඳ ගත්තයි ඔව් ඉතින් මම් වැරදි අනේ හරි ඇත්තයි ගිරි කුළේ පිපි මලේ සිරියාව ඔහොමයි සුදු හකුරු රසවත් ය හදනකොට මෙහෙමයි දළ යුවලෙ ගජමුතුය පෙන්නුවේ එහෙමයි මුතු තබා මැටි පිඩක් නැතිවාම සේමයි විලෙන් ගොඩ ආ විලස හසඟනක් මානසා නුරා පිරි තෙපුලටම හදින් බැඳි ලාලසා ගලින් නෙලු රුවක් යෑයි සිතූමුත් තිර ලෙසා ව්ඳවමින් තැවෙන්නෙමි ප්‍රේම ගීයක් නිසා ඉරි ඇඳලා පෙත හදලා පනිනවානෙ කොණ්ඩු බත ඉදෙනා තුරු පමණයි අපි දෙන්නගෙ රණ්ඩු
කවිය බලන්න