රෝගියා සහ ලාභය

රෝගියා සහ ලාභය

වෛද්‍ය සමන්ත කේ. සෙනවිරත්න මහනුවර

දරුවට ලියුකීමියාවලු මහරගම හැමදාම යනවලු හොයනවලු ඇට මිදුළු සැත්කමට ගානක් යනවලු අනේ පිහිටක් වෙමු ජීවිතේ බේරමු පින් පතා වැඩ කරමු සීයෙ කොළයක් දනට දෙමු පායනා කාලෙදි රෑ දවාල් මාන්සි වී කන්න දේ රැස් කරයි කූඹියෝ පලංචියකින් වැටිලා කොන්ද හතරට කැඩිලා උගුරටත් බට දාලා යමක් ඉල්ලයි දෑත පාලා පසුම්බිය ඇදලා ගමි නෝට්ටුව තෝරමි ලෝබයෙන් තොරව දෙමි මතු දෙව් සැපක් පතනෙමි පායනා කාලෙදි රෑ දවාල් මාන්සි වී කන්න දේ රැස් කරයි කූඹියෝ තැලසීමියාවට ලේ නෑලු ඉස්පිරිතාලේ යයිද මරු තුරුලේ හිඟයි මිල මුදලේ දරුවාව මැවී පෙනුණා හිත සොවින් උණු වුණා ආනිසංසත් හිතට වැටුණා දාන පිංකම හොඳින් කෙරුණා පායනා කාලෙදි රෑ දවාල් මාන්සි වී කන්න දේ රැස් කරයි කූඹියෝ
කවිය බලන්න