ඉතින් නුඹ නික්මෙන්න

ඉතින් නුඹ නික්මෙන්න

සුධර්මා වීරක්කොඩි

සන්නාදයක මිහිර -දෑත් පටලා විදපු මිහිරියේ සොදුරුතම - මගේ නලුවක රගපු සසර මුදු නවාතැන - සිප්සලේ දයාවක සිතුවේද කිසිදිනක - මරණයෙත් ළග ඉන්න යායුතුයි යම් දිනෙක - වැටී හැපෙමින් සසර නිමාකර බැදුම්කර - නිවී නිවී නිවෙන්නට විද්‍යාවෙ පොත් අතර - පියඹු සමනල් දිවිය බුදු මැදුර, පල්ලියේ - ලියවුනා ආදරය තවම නෑ රිදී කෙස් - පිරිපුන්ව හිස පැතිර සිසිරයේ සීතලද - නොම දැනෙන මැදිවියක මතක මිටියට අරන් - මා මා වෙනුවෙන්ද මා අන්‍යයන් වෙනුවෙන්ද - මා විශ්වය වෙනුවෙන්ද ගෙවූකළ ජීවිතය - සුන්දරය දැන් යන්න අමරණීයම සමරු - තියා මහරුම මතක කියවනා පිරිත් පොත - මිහිරිමය චුතිසිතට ගෙනෙමි පින්පොත ලගට - කියවමින් නිරතුරුව නිවමි නුඹෙ හිත විතර - සවිබලය කෙටි සසර ජීවිතේ එලිය ඉර - බහින්නට කල් ඇතිව අමාවක එන තරම් - ඉක්මණින් නුඹ යන්න.. ව්දවමින් පීඩනය - ද්වේශ නොකරම හිතට වළාකුලු අතර - ඉක්මණින් සැගවෙන්න රිදෙන ගත හැර දමා - සවිය ඇති හිත අරා නිවන ලග සැනසෙන්න - සබැදියේ නික්මෙන්න... ලන්ඩන්
කවිය බලන්න