පින්බර වෙසඟ දිනේ

පින්බර වෙසඟ දිනේ

මයුරි කොඩිකාර ගම්පහ

පුෂ්ප ලතාවෝ සුසුවඳ පතුරා විශ්මිත ජන්මෙට නැකත සදන්නා බැල්ම හෙලාලා දෙවි බඹු වැඩලා පැන් ඉස ආසිරි සෙමර සලන්නා මව්ගෙ ඇකේනී හනිකට මිදිලා පින් බලයෙන් පියවරද තබන්නා සිංහ නදේනී ලොවටම හඬගා කල්බලමින් සිටි කරුණ කියන්නා කම්සැපයේහී අතිරය දුටුවා නික්මුණි සක්විති වරම මතින්නේ මජ්ජිම යෝගේ පිළිවෙත රැකලා පෂ්චිම යාමයෙ දුකෙනි මිදෙන්නේ මෙත් මුදිතාදී ගුණයෙහි ගිලිලා ලෝ දන වෙන්කර පවිටු පවින්නේ දුර්ජනයාගේ ඇසුරද හැරදා සංහිඳියාවෙනි දහම දෙසන්නේ දෙව් මිනිසුන්ගේ යහපත උදෙසා ගම්නිය ගම්වල පිරිවර රන්දා බැල්මට සන්සුන් වදනට බැඳිලා එක්වුණු සිත්වල කෙලෙසද සින්දා අත්හලෙ ආයූ මරු ජය ලැබුවා භූමිය කම්පිත විය ඳුර කැන්දා මංචකයේදී පිරිනිවනද පා රැස් විහිදූ යුරු දුටු අය වැන්දා මා මුණි වන්දේ අභිමුව වැතිරී අත්හල රා ගිනි සුවයකි සාදූ ආමිස පූජා සිදුකර බැතිනී පින්කෙත පීදෙන යුගයකි පෑදූ මෝහය සින්දා වෙස⁣ඟෙහි සිරිණී පුන්සඳ වූවනෙ ගුවනතෙ මෝදූ පාරමිතාවෝ පුරනෙමු මෙලෙසේ අර්ථය ජීවයෙ මගඵල සෑදූ ගල්බොඩ වතුරුගම
කවිය බලන්න