සිතක විලාපය

සිතක විලාපය

මයුරි කොඩිකාර ගම්පහ

වතේ සළු පිළි උනා දැම්මේ කසුප් නිරිඳුගෙ රජ අනින් හිතේ විළිබිය ඇදී එද්දී කඳුළු වැගිරුන නෙතු කොනින් කැඩී හදවත පැලී යන්නේ අඳින්නට තතනන සැනින් එදා නොදුටුව තැනක් ඇත්නම් එතනින්ම ඇරඹුම ගනින් වරක්වත් නැත හැරී බැලුවේ අඳිද්දී ගල්පොත්තෙ මගෙ රුව හුඟක් තැන් ඇති ඔබේ මතකයෙ රහසේම මුදු දෙතොල තැවරුව පුරුද්දෙන් නිසි ලෙසේ රැඳුනා හැඩ පයෝදර දෙපළ සුහුරුව කිනිස්සක් හදවතේ ඇනුනා පිටුපෑව පෙම්වතෙකු නුහුරුව ළඳක් නග්නව ලොවක් අභියස නොපෙනෙතත් වැළපෙන යුරූ අදත් විමසමි ඔබෙන් පැනයක් පිළිතුරක් ලැබදෙන තුරූ අණක් කළ මුදු නිරිඳු වූවත් මුළු රටට සිහසුන දැරූ නොගත් අවියක් ඔහුට එරෙහිව කරුණ කිම එය මග හැරූ මයුරි කොඩිකාර ගල්බොඩ වතුරුගම
කවිය බලන්න