සුභාෂිතයේ සිත්ගත් කවි

සුභාෂිතයේ සිත්ගත් කවි

අලගියවන්න මුකවෙටි තුමා

කලුන් මැද්ද සබ අබතුර බොහොසෙ නිති
ලෙසින් විදුලි දිලි කඟපත් ලෙළ කෙරෙති
කගින් කග පහර වැදි නැඟි පුලිඟු ඇති
සටන් බිම'සි ගත් සෙබළෝ දුලබ වෙති

කාන්තාවන් මධ්‍යයෙහිද සභා තුලද නිතරම බොහෝ සේ විදුලිය මෙන් දිලෙන කඩු පත් ලෙළ දෙවති. එහෙත් කඩුවෙන් කඩුව ගැටී නැගුණු ගිනි පුපුරු ඇති යුද පිටියේ කඩුගත් යුධ බටයන් දුර්ලභ වෙති

කවිය බලන්න