ආගන්තුක  අවුරුද්ද...

ආගන්තුක අවුරුද්ද...

වෛද්‍ය ගාමිණී මද්දුමගේ

දානියෙල් අප්පු කැපු කිතුල .. දැන් එතන නෑ. ගමට පැණි බෙදුව ඒ කිතුල බිම පෙරළුණා. පැණි නැතත් සීනියෙන් හරි.. කැවුමෙ කොණ්ඩෙ වැඩු . වසන්තය ගෙට ගෙනා... අම්ම මගෙ මියැදුණා. ************************************** වළදාල දුම ගහල ... කෙසෙල් කැන් ඉදවාපු . තාත්තගෙ අළු බඳුන ... සොහොන යට සැඟවුණා. එදා පොඩි අපි රොත්ත .. සෙල්ලමට දුව පැන්න. මහ ගෙදර පොඩි වත්ත ... කොටු ඇතුළෙ හිරවුණා *********************************** තනි තනිව පවුල් බර .. කර ගහන්නට ගියා . ඒ නිසා අපෙ හිතුත් ... කොටු රූල් කොළ වුණා. පාන්දර ගිනි හුළක් .. අරන් දුවගෙන ගිහින් . අහුල්ලපු කජ්ජු ගහෙ .. පොළොව වල් බිහිවුණා. ********************************** මාර ගහ කැපුවෙ නම්.. ඒ දවස්වලම මයි... එදා උංචිල්ලාව ගැන.. මේ දැනුත් සිහි වුණා. පුරාවුතයක් වෙච්ච.. ඒ සොඳුරු රස එක්ක. උඩ යද්දි ... ජීවිතය.. මගෙන් අත ඇරවුණා. *********************************** තරාදියකින් කිරා. බලන්නට බැරි තරම්. මොකද්දෝ වැලපුමක් අපි එක්ක තනිවුණා. ඒ රහට ඒ පාට . කන්න බැරි නිසාවෙන්.. කලමනා කුස්සියට .. එන්නටත් බිය වුණා. *************************-**** ඇවිත් යළි අපි එක්ක .. කතාවට සිනාවට. අඳුර ගන්නත් නොහැකි.. නිසා හිත කැලතුනා. අමිතගෙයි සේසිරිගෙ.. සනත් මහ ඇඳුරිදුගෙ. සුජාතගෙ ගීතවල. අවුරුද්ද නැලවුණා. ***************************** 2025.03 .24.
කවිය බලන්න