ඒත් මේ සීවලී නම් වැදි රජුගෙ සත්තයි.

ඒත් මේ සීවලී නම් වැදි රජුගෙ සත්තයි.

අනුරාධා ගුණසේකර හොරණ

මේ මහා වන පියස යට නපුරු වන මෘග සැරි සරන බව දැන සියලු ශිල්ප දැන උගත් බව කියාගෙන රුවින් පිරි මාවත් බලෙන් ඇදගෙන එනකොට නිකමටවත් නොහිතුනේ මන්ද මනමේ නුඹට නාදුනන නුපුරුදු කැලයක අපිට කාත් කවුරුත් ම නැති වග ...... කොතෙක් කිව්වාද මං මඟහැර අපි යමුද සුපුරුදු මඟම නුඹට වගක් වුයේ ම නැත කඩුව මට දී නුඹ නිතර මා තනිකර රැගෙන එන්නම් කියා වන එල ගිහින් රෑ බෝ වෙලා එනතුරු තනිවුනා මඟ බලා බලා ලෙන් දොරත් ඇරගෙන ..... නිතර වගතුග අසා මේ මගින් යන වැද්දෙක් වුනත් රජෙක් ලෙස පෙනුනි මට තනිව මේ ලෙනට වී සිටින මට පෙනුනේ වැද්දගේ ලෙංගතු හිතම ඒ නිසයි දෙවරක් නොසිතාම කඩුව දෙන්නට හිතුනේ ඔහු හට සිංහ බා පුතු නුඹේ බව ඇත්තයි ඒත් මේ සීවලි නම් වැදි රජුගේ සත්තයි ...... අනුරාධා ගුණසේකර
කවිය බලන්න