එරබදුත් පිපී  නෑ

එරබදුත් පිපී නෑ

පූජ්‍ය මහගම සීලානන්දහිමි වේයන්ගොඩ

එරබදුත් පිපී නෑ කජු අඹත් ඉදී නෑ බක් මහේ නැකැත් ගෙන ටෙලිවිෂන් ඇවිල්ලා පැණි වරක සුවඳ නෑ මුං කැවුම් ලිපේ නෑ බක් මහට කඳ අරන් ටෙලිවිෂන් ඇවිල්ලා මල් ගවුම් ගතට නෑ නැවුම් සළු පොටක් නෑ කුමර කුමරියො සොයන ටෙලිවිෂන් ඇවිල්ලා කොහා ගී කිව්වෙ නෑ රබන් පද ගමේ නැ නැවුම් හැලි වළං ගෙන ටෙලිවිෂන් ඇවිල්ලා කඹ අදී වෙර යොදා දෙපැත්තක හති දදා ලිස්සනා ගහ උඩින් ටෙලිවිෂන් ඇවිල්ලා බත බුලත හෙල සිරිත හිරු මගුලෙ පුරාවත ගිරව්න්ගෙ දොඩමළුව ටෙලිවිෂන් ගෙනැල්ලා Photo Credit; The Sunday Times
කවිය බලන්න