අවුරුදු ඇවිත්

අවුරුදු ඇවිත්

ලුෂානි දමයන්ති කැකිරාව

හිරු දෙව් දැඩිව උණුසුම බෙදුවත් සැරට ඉදහිට වැටෙන වැසි දුනි තරමක් පිහිට ගස්වැල් පිබිඳ නව ජවයක් ගෙන නිළට අවුරුදු කුමරි සැරසී ඇවිදින් රුවට එරබඳු ගසුත් රතු පාටින් හැඳ පැළඳ පෙරමග තුටින් හිනහීගෙන ඇත නිබඳ දෙවැටෙහි නිදන් සිටි වැටකේ මල් පිබිඳ මුළු ගම පුරාවට විහිදයි එහි සුවඳ පුහුලම් වලින් කජු ගස් රන් තොරණ් බැද මුළු ගම බබළවයි අවුරුදු සිරිය බෙද ගිරවුන් ඇවිත් ගී ගයමින් සතුට විඳ නාබර විකා අරගයි එහි රසැති මද දරුවන් කැන්දගෙන යාවී සතුට වෙත ⁣ඔන්චිලි බදින කාලෙත් දැන් ලංව ඇත තෝරා ගන්න සිතිලාදෝ පුංචි අත ⁣මේසය මතට ගොඩ වැදිලා පංච පෙත ගොම මැටි වලින් ගෙයි බැදි ළිප සැරසෙද්දි අමුතුම නැවුම් බවකුයි සිදුවන සිද්දි කොවුළගෙ මිහිරි ගැයුමන් සවනට දෙද්දි ගස්වැල් සතුට සමරයි එහෙ මෙහෙ පැද්දි
කවිය බලන්න