සමුගත් ගබ්බෙල පියදාස

සමුගත් ගබ්බෙල පියදාස

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

පත්තර පුරා නිරතුරු සිටියෙන් වාස සිත්තර කළේ කවියෙනි යුගයක් දේශ අත්කර දුන් රසය කවියට හැර දෝෂ අත් හැර ගොස් දිවිය ගබ්බෙල පියදාස ---- නිමකර දිවි මගෙහි සැම ජය කණුවක්ම හිමිකර කවියටම දී නව දැක්මක්ම බිදහැර යදම්හල හැම කවි කුලයක්ම තිරසර කවියෙකියැ ඔබැ සිටි සැමකල්ම ---- දෙතොළඟ රැදුණු අම මීබිදු කවි ගගුල දුර ළඟ කොතැන මුත් ගැලුවේ දී සිසිල අගහිග කම් වෙතත් දිවියෙහි බැසැ පතුල ඔබළඟ මිනිස් කම් අඩු නැත තිබු අමිල --- කවි පොත් කිහිපයක් ඇති මුත් ඔහු ලීව අවියත් වියත් අය ළග ඇත සුරැකීව සවි යටමුදල් නොලදත් ඉන් සරුසාර සුවිසල් මැදුරු නැති කවියෙකි ඔහු සූර --- රස කලතමින් කවියෙහි අම මිහිර මවා සුනිමල කව් කිවූ සැනෙකින් උදයෙ හවා කවි පෙළහරෙහි ගිය පෙර මඟ දැඩිව ගෙවා ගබ්බෙල පහන්සිළ දැමුවේ කවුද නිවා --- හිරුටත් හොරෙන් හිරු මඩලෙන් ගියේදෝ සදුටත් හොරෙන් සඳ මඩලෙන් ගියේදෝ අපටත් හොරෙන් අප අත් හැර ගියේදෝ පින්වත් කිවිද ගබ්බෙල දෙවු ලොවේදෝ ===================== කලාභූෂන කිවිපති ඩබ්ලිව් කේ සරත් ව්මලසිරි (අතකස මාධ්‍ය ලේකම්)
කවිය බලන්න