ග්‍රාමාරක්ෂක

ග්‍රාමාරක්ෂක

කපිල කුමාර කාලිංග

නිදන් හොරු ඉවකරන , කන්ද උඩ ලෙන් වෙහෙර, මුරකරන නිදිවරන , තුරුණු සෙබළෙකි , ග්‍රාමාරක්ෂක නමැති . තළයි මදුරුවෙකු නළලත , සපයි විට නිදිමතට . ගිනි අවිය, වාරුවී, මුරගලට . ගැළවූ පාවහන් මත , ගුළිවී නිදනා බළලෙකි , ඈත වනගැබ තැනෙක , නිවෙන, දිළෙනා එළියකි . ඒ ඔහු දිළිඳු පැල, බිරිඳ හා පුතු නිදන. වැව දෙසින් හමා එන, සීත උදුවප් සුළග , මොනවදෝ මුමුණමින් , ගිරි සිරස සිපගනී. ඈනුමකි ඉන්පසුව , සිනාවකි ඔහු මුවග , පෙර දිනෙක,රෑ මැදෙක, බිරිය ළංවී මිමිණු, පෙම් බසක් යළි සිහිව..
කවිය බලන්න