මල්ලී ඔබටයි………

මල්ලී ඔබටයි………

ලතා ද සිල්වා මෙල්බර්න්

ඔබ පැමිණිදා - අපේ නිවහනට සතුට උතුරා ගියා - සැමගේ සිත් පුබුදුකොට කිරි සුවඳ ගලා ගිය - සිඟිති ඔබේ සිනාකට උක්කුන් මල්ලි විය - එදා සිට ඔබ අපට කාලය ගලා ගොස් - තරුණවිය එළඹී ඔබ ඉගිලිගියා දුර - ඈත සයුරෙන් එහා ඔබේ ප්‍රශ්න වැල් දිගේ - එයින් ගැලවී ගන්ට ඔබ ලියූ කියූ දෑ - අපේ සිත්සතන්වල රැඳුනා ඉඳුරාම - සේ ඉන්ද්‍ර කීලයක් ලියු දෑ නිතිපතා - නැවතුන මාසයක් දැනුනි මට නැවතුනු - ලෙසට මගෙ හද ගැස්ම යැවූ පණිවිඩ ඔබට - දුරකතන ඇමතුම්ද ගියේ නෑ ඔබ අතට - අප සිටියෙ සැම බලා පෙරේදා ඔබ එවු පණිවිඩය - ලැබී සිත සතුටින් පිරී ගියා - උක්කුන් මල්ලියේ නවසීලන්තය 30ජනවාරි 2025
කවිය බලන්න