ලැබී හැත්තෑ හත්    වසක්.......

ලැබී හැත්තෑ හත් වසක්.......

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

අබිමනින් එකතුව රටක් බැදී සමගිව දිගු කලක් අදිරදුන් දුන් නිදහසක් ලැබී හැත්තෑ හත් වසක් --- උඩින් පැන පැන මළ මිනී හලා ලේ ගංගා වැනී නොගත් නිදහස මුතු මිණී ලෙසින් දිගටම පැවතුනී - සිර ගෙවල් වල රැදී අයත් සිටි මුත් රොද බැදී ජාතියට රුහිරය පිදී යුගය සිහිකළ යුතුයැ දෑ ලැදී --- අතැර ආගම් බේද පන්තී ව්සිර සිටියෝ වෙලා ශක්තී එකතුවූ අදිටනින් භක්තී ලැබුණි නිදහස් සටනෙ මුක්තී -- තේ රබර් පොල් පල ලැබූ රටක සාරය ගෙන බිවූ ඉංගි - රීසී ජාතිවූ නොදී බැරි.නිදහසකි පෙන්වූ -- එදා ලත් නිදහස නිසා දේශයක් සැනසුනි තොසා එළිය වුණමුත් සිවු දිසා ලැබුණු බල දුනි ගැට ගසා ----- මරණ දඩුවම දෙන්නටත් අවසරය ලැබ ගැනුමටත් බලය හිමි රජ පවුලටත් ඇතිවැ නිදහස ලෑබුණි තෙදවත් --- රේල්ලුව යන මඟ සත්‍ය මුත් පෙර සැදු වග රටේ දෑ අරගෙන හුග ගියේ ඔහුනය කාලයක් දිග -- ඇත්තටම මෙය කිවයුතු ලැබුණ සද නිදහස පැතු ණයක් නැති රටකට සතු රටකි ලැබුණේ අපට බලගතු --- අඩු පාඩු හින්දා ව්සිරි දූෂණ හන්දා ණය පවුරු බන්දා විදී අද ජාතියම නින්දා --- හරි මඟට ගන්නට වෙර දරන්නන් හට සවිය දී සැමවිට රටේ නිදහස වඩමු අද සිට 2/1/2025
කවිය බලන්න