නින්නාද

නින්නාද

ස්වර්ණා කාන්ති පෙරේරා වේවැල්දෙණිය

වසන්තය අගෙයි මට දුන් ඒ සොඳුරු දඬුවම් ආසිරි ලබන්නට දෙවොලක් සොයමින් උණුහුම විදින්නට පියපතක් යදිමින් ආතුරව තුන්සිත දහ අතේ දුවද්දී රළු පරළු කළු ගලක දිරූ ගස් දෙබලක හිනැහුනා මම හොයන කඩවසම් පිරිමි රුව ඒත් ඒ කාලෙ උන් ගෑණු හෙව්වේම රාජේෂ් කන්නලා දේදුනු පායයිද අත පොවන මානයේ දිව්‍යමය තාරකා නොදිලේවි දහවලේ සූසර කොට සියුම් තැන් හමා යයි මදපවන මොහොතින් ඒත් ඒ නිමේෂය අදත් මට සත්තයි ප්‍රේමයේ සියවසක් සඳ දියේ රිදී කිරණින් මැවෙන විල් දියේ මගේ පිළිබිඹුව සිඹ ආසිරි පුදන බැතිමතෙකුගේ ඕම්කාරය ඇසේ හීනියට
කවිය බලන්න