රජ ගෙය හැර දමා කොහොමද යන්නෙ අනේ

රජ ගෙය හැර දමා කොහොමද යන්නෙ අනේ

මාක් ඇන්ටනි කුමාරගේ

සොරකම් කරන්නයි බොහො කල් පුරුදු වුණේ රාජාසනය මත නිදමින් කල් ගෙවුණේ හැම සැපතක් ම නොමිලේ අප හට ලැබුණේ රජ ගෙය හැර දමා කොහොමද යන්නෙ අනේ අපගේ දරුවො අද ලොකු උස් තැන්වලය නෑයන් සොහොයුරන් පසු කළෙ හොඳ කලය මිතුරන් හට ද ලැබ දුන්නෙමු නිළ තළය හිංගල බොදුණුවනි ඇයි මේ කලබලය චීවර දරණ අපගේ කහ - මිතුරන් ට සැලකුවෙ අපේ සිංහාසන රැක ගන්ට ඔවුනව දැක්කුවේ මහ ජන රවටන්ට ආගම පෙරට දමමින් බලයේ ඉන්ට තිස් තුන් කෝටියක් දෙවි වරු මර නින්දේ ඥානා අක්කලා සැඟවීලා බැද්දේ ඉස්සර ඔවුන් රතු - පටි සුරතේ බැන්දේ සිරසේ සිටන් පා යුග දක්වා වැන්දේ බත් කන දෙපා හරකුණි සරණෙ ට එන්න අප තනි කර දමා වෙනතක නොම යන්න එනවා හොඳ කලක් ඉවසීමෙන් ඉන්න සිංහාසනය නැවතත් අරගෙන දෙන්න 17/10/2024
කවිය බලන්න