එදා - මෙදා

එදා - මෙදා

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

අනෝරා වැසි වසින සැදෑවක අතේ තිබු මුත් කුඩ දෙකක් එක කුඩේ යට ගෑවි නොගෑවී මතකද අපි දෙන්නා ගුරු පාර දිගේ සඳ පානේ පියමන් කෙරුවා තුරු සෙවනේ තෙමෙයි කියා නුඹ බයවීලා අතින් තව තව තුරුළු කරගෙන ඇවිද ගියෙ ආදරේ හින්දයි වැසි පොදක් හෝ ඔබට වරදක් කරයි කියලා සිතු නිසා ගවුම දෑතින් එකට ගුලිකර රැදුනු දිය බිදු හලා හල ඔබ පෙනන නොපෙනෙන දුරින් ගෙපැලට ඉදිවි පොල් අතු පුංචි කඩයට ගොඩ වැදී එක කෝප්පෙන් බිවූ උණු කළු කෝපි උගුරෙන් ශේෂ වූ මිදි අඩියෙ කුඩු ටික වගේ ව්ණි අද ජීවිතේ දීග තල ගිය පසු ටිකෙන් ටික අපි දුරස්වුණෙ කිමැ නොදන්නෙමි මහා වැසි වැටෙනා දවස්වල එක කුඩෙන් ඔබ තනිව පියමැන හාල් තුනපහ රැගෙන එන්නට කුසේ ගිනි කද නිවාලන්නට හතර දෙනෙකුගේ අතු පැලේ එදා නෙත් ඉම පෙනන මානේ පුංචි කඩයට ගොඩවෙලා බීව උණුසුම් කෝපි උගුරෙන් අඩියෙ ශේෂවු කුඩු වගේ තනිව අද දෙතැනක ගමේ කිමැයි නොදනිමි කුමරියේ එදා වාගෙම අදත් මහ වැසි වහිනවා නොවැ ඉද හිටත් පුංචි කඩයේ කෝපි බදුනේ ඉතිරි කැට කුඩු එසේමයි ඒත් අද අපි වෙන්වෙලා 10/10/2024 0711481624
කවිය බලන්න