ඒ  මම ද???

ඒ මම ද???

වෛද්‍ය ගාමිණී මද්දුමගේ

ජංගියක් ඇඳ ගත්තු.. පුංචි කොලුවෙක් ඇවිත්. මේ කාලෙ කව් රුවත්.. අඳින්නෙත් නෑ එව්වා. හෝඩියේ පංතියට.. සමාවෙනු මැනවි මට. දැන් ඒක එක වසර. කිව්වෙ පෙර පුරුද්දට . ***************************- පුංව් නිල් ඉරි තියෙන .. ඉස්කූල් ටයි පටිය. සුදු කමීසයෙන් නිල්.. පාට කලිසමෙක් ඇඳි. කළු මේස් ..සපත්තුව.. පැළඳ ගෙන එහි සිටින. මා පුතුන් දෙස බලයි. ඒක රැවුමක් නෙවෙයි. ************************** ගල්ලෑල්ලකුයි එක අච්චු පොතකුත් අරන්... සුදු මැකුණු කමිසයෙන්.. දෙපාවල නෑ වහන්. වාඩිවෙල සිටිය පෙර.. පුංචි බංකුව හොයයි. ඔය කව්ද අහන්නා.. සේ පුතා දෙස බලයි. ******************************** විදුලි කෙටුවා වගේ.. රූපය ක් සිත ඇඳුණි. වසර තිස් පහක පෙර... මතකයට මා යැවුණි. පුංචි ඉස්කෝලේ ක... පළමුවෙනි දවස ළඟ. නතර විය මහලු සිත. ඒ මමයි. ඒ මමයි. මහා දුර ඇවිල්ලා.. වෙහෙසින්‍ ය මගේ ගත. අර පුංව් එකාගේ .. නිදහසව තිබෙයි වත. අඳුනන්න බැරි තරම්.. වෙනස්කම් ගොඩක් යට. මතක් කළ නමුත් තතු.. වැඩි දුරට මතක නැත. ****************************** වෛද්‍ය නිලධාරී . බන්ධනාගාර වෛද්‍ය ඒකකය . බදුල්ල . 2024.09.28
කවිය බලන්න