සොරුන්ගෙන් මිදෙන්නෙමු

සොරුන්ගෙන් මිදෙන්නෙමු

ලතා ද සිල්වා මෙල්බර්න්

සැත්තෑ සය වසක් - පිරුවා පාරමී නිදහසක් දකින්නට - සොරුන් කැල පන්නලා දැන් කල එළඹ ඇත - සොයුරිනි සොයුරනි මදහසෙන් පුරා මුව - යමු අත්වැල් බැඳන් දිනුවේ එක කඩ ඉමයි - තව එකක් ලඟින් ඇත මලිමාවම බලා - දෙන්න කතිරය ඔබේ එවිට හැක හිනැහෙන්න - ලක් මෑනිට අපේ මුදා ගත් බව කියා - සොරු රැලෙන් ලංකාව හදමු පොහොසත් රටක් - ලස්සනම ජිවිතයක් පෙළ ගැසෙමු එකා මෙන් - දකින්නට සොඳුරු ලොව වට කරන මුළුරටම - දුක සැපත් බෙදාගෙන විඳගන්න ආදරෙන් - ජය ලැබුවා කියා නවසීලන්තය 28සැප්තැම්බර් 2024
කවිය බලන්න