අඳ ගොවි

අඳ ගොවි

ලාල් හෑගොඩ  

ආයුබෝවන්! ඔටුන්නක් දමා ඔළුවට ඇන මුරිච්චි තද කෙරූ පිළිස්සුණු පිටේ රත්තරනින් රන් රජ පච්චය කෙටූ ගොවි මිස අඳ ගොවි නොවේය දෙයියං පල්ලා අඳ නොවේය ට්‍රැක්ටර් මවන කොම්පැනිවල පැවැත්මට ට්‍රැක්ටර් ගෙන්වන එතුමන්ලාගෙ සතුටට හීය කරන එතුමන් කිරි සිනා දකින ගොවි මිස අඳ ගොවි නොවේය අම්ම පල්ලා අඳ නොවේය සොච්චමක් ලැබෙයි - පින් සිද්දවෙයි පොහොර මවන කොම්පැනිවල පැවැත්මට පොහොර ගෙන්වන එතුමන්ලාගෙ සතුටට පොහොර දමන එතුමන් කිරි සිනා දකින වල් නාශක මවන කොම්පැණිවල පැවැත්මට වල් නාශක ගෙන්වන එතුමන්ලාගෙ සතුටට පොහොර දමන එතුමන් කිරි සිනා දකින තොග වෙළඳාම කරන කොම්පැනිවල පැවැත්මට අලෙවිකරණ එතුමන්ලාගෙ සතුටට වී කිලෝ කර මණින ගොවි මිස අඳ ගොවි නොවේය බුදුන් පල්ලා අඳ නොවේය වී සොච්චමක් ලැබෙයි පින් සිද්ධ වෙයි ගොවියෝ කියන කම්කරුවෝ අපි - අඬ හැර නැතිවුණාට ලෝක කෘෂිකර්ම මැෂිමේ හොඳ ඇනයක් අපි මඩ තැවරුනාට ලෝක සාගිනි නිවන ජලකඳය අපි - නියඟේට පිච්චුණාට ගොවි මිස අඳ ගොවි නොවේය නේත්‍රා පල්ලා අද නොවේය සොච්චමක් ලැබෙයි - පිං සිද්ධවෙයි
කවිය බලන්න