දුමිඳු  සෙවනේ..ගැහැනියක්

දුමිඳු සෙවනේ..ගැහැනියක්

වෛද්‍ය ගාමිණී මද්දුමගේ

නොමැති මුත් රන් තලිය... කොළ පතක ලා සුසැදු. කිරි බතක් පුදනවා ... ගැහැනියක් විත් දිළිඳු. පිළිමයක් මතු පිටින්... දකින මුත් හැඩ මුනිඳු . කෙළෙස් මළ මතින් වැඩු... දැහැන් දුටුවෙම දුමිඳු . ********************************* සංඝමිත්තා තමයි ... වැඩම කළෙ කිව් පුරුදු . නාවනා විටත් ගෙන ... සඳුන් කිරි පැන් සිනිඳු ලිවි බසින් කට බසින් ... නොයෙක් ලෙස පැතු නමුදු. තවම බුදු වෙලා නෑ.. මවක් ඒ යට දැනුදු. *********************************** නිදා ගෙන සිටි විටත්... අහස් කුස තුළ දිනිඳු. ළිපේ ගිනි උණුසුමට ..... පිබිදුණා ගෙයි තරිඳු. කවා නහවා පොවා.. රකිනවා නම් බිළිඳු. ඥාණ පාරමි කුමට... ඇයට මර සෙන් පැරදු. ######################## වෛද්‍ය නිලධාරී . බන්ධනාගාර වෛද්‍ය ඒකකය . බදුල්ල . 2024.05.02
කවිය බලන්න