ඒ ඔබයි .......

ඒ ඔබයි .......

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

සඳ රෑ යාමයේ සල රූ පෙරහැරේ සිහිනයේ මතුවුනේ ඔබයි වැහි පොදේ මතුවෙලා සිත මගේ කැලබුවේ දේදුන්න වාගේ තමයි රැළි නගා දිය මතින් ඇදි ඉරක් වන් ලෙසින් පාවෙලා ගිය බවත් සැබැයි තිස් වසක් ගිය නමුත් සයනයේ සිහිනයේ ඉදහිටක යලි රැදී ඉන්නවා නම් තමයි රැළි ගැහුණු කම්මුලෙන් සුද පෙනුණු කෙහෙ රොදින් මුහුණු පොත් පිටු තුලින් මතුවෙවී යන බවත් හැබැයි උගුරටත් හොරකමින් බොන බෙහෙත් වඩි ලෙසින් ඇවිද යන මතකයන් හරි හැඩයි
කවිය බලන්න