ආසයි හිතට රන් සමනල  තටු දෙන්න

ආසයි හිතට රන් සමනල තටු දෙන්න

රංජනී කොස්තා නවසීලන්තය

පාවෙන වලාමත රැඳිලා සැඟවෙන්න දේදුන්නේ සිත්තම් ගැන විමසන්න මායාවක් ලෙසින් නෙතඟට සුවදෙන්න ආසයි හිතට රන් සමනල තටුදෙන්න හීගතුවට පිපෙන මල්කෙමි විමසන්න ඈතට ඇදෙන බිඟුකැලටම මුහුවෙන්න කූඩුවෙ දොරින් හිඳ විහඟුන් හමුවෙන්න ආසයි හිතට රන්සමනල තටුදෙන්න රූරා ගලන දිය ඇලිලඟ ගුලිවෙන්න පීරා විසිරි පෙණකැටි මුතු ඇහිඳින්න ධාරා ඇදෙන රළුවෙරලට එක්වෙන්න ආසයි හිතට රන් සමනල තටුදෙන්න
කවිය බලන්න