කඩුව

කඩුව

රංජිත් ද සිල්වා නවසීලන්තය

ඉතිහාසය සිතේ ගෑවෙද්දී - කඩුව ගැන ඇසෙද්දී මතක් වෙන්නෙම - යුද්දෙමයි රජුන් රජ කරද්දී කඩුව බැහැ කියා කිව්වා ටිකක් ඉස්සර ඒ ඉංග්‍රීසී බැරි අයට - අපි වගේ පිටිසර මනමේ කෙල්ල අද පවා - ඉවරයක් නෑ බැනුම් අහනවා කඩුව දීලා වැදි කොල්ලට - හිතේ දැවටුණු ආල නුරාවට දියවන්නාව ඔය අයිනේ - සැලි සැලී සුළන් රැල්ලේ ඉන්නවා සිංහයෙක් - නාදේ නැහැ ඇහෙන්නේ ඒ වුනත් කඩුවක් - අතේ ඇත තදකරන් යාබද කණුවෙත් - තවත් කොඩියකි සැලෙන්නේ සිංහ ධේනුවකි - කොඩියේ ඒ හිනහෙන්නේ ඇය අතෙත් කඩුවකි - මිට මොලවා සිටින්නේ බැස එන්න කොඩි වලින් - නිදහසේ ඔබ එක්වෙන්න පෙරමුණ අරගන්න - ජනතාව රැකගන්න අධම දුෂිතයෝ - යද්දී ඔය අයිනෙන් දෙපැත්ත කැපෙන ඔය කඩු - සොලවන්න දෙපසට 27ජනවාරි 2024
කවිය බලන්න