හඬන මගෙ ආත්මය

හඬන මගෙ ආත්මය

නාලිනී ද සිල්වා

සතියෙ බඩු එකින් එක පැනගත්ත ට්‍රොලියක්‍ අත ගැහෙන වාරුවෙන් ඇවිදගොස් තෝර ‍‍තොරා යයි එකින් එක තව ටිකක් දවසකට පණ ගැහෙන ආත්මය බෞද්ධය කියූ බණ පදය සිහිවෙලා තේරුවෙමි එකින් එක ඉසිඹුවක අවසරයෙන් අහඹුවක් වුන ගැටුම ආත්මය විසිරුනි බිම තැවුලකි ආත්ම ගණනකට විසිරී බැලූ පසුපස අපුලය විශ්මය සතුට හා බැඳී විවර වුන මුවඟ ද ගොලුය සෙකියුරිටි නෝනා එතැන මම ගෙවන්නම් සල්ලි නැගිට්ටා පර්ස් එක අප්පච්චි What happened? සුමිහිරිය ගීයකි ඒ හඬ Small accident Oh! Sorry Aunty We will pay that damage ඇය කඩිසරය නුඹ ලෙසම විදුලිය විසන්ධි වී දියවිය උණුවිය අයිස් පෙට්ටියෙ එදා මා දැමු හදවත නෙතග කඳුලක සිනහවක සේයාව කොනිති ගසමින් කියයි මිළ කළ හැකිද? එදා නුඹ ඉවත ලූ මගේ ආත්මයට වන්දිය ඔබේ හිනහවෙන හැම රෝම කූපයකම හඬන මගෙ ආත්මය ගෑවිලා ඇති ටික ටික නුඹත් දන්න ඇය නොදන්න
කවිය බලන්න