ලියනු මැනවි පිළිතුර සිතෙන

ලියනු මැනවි පිළිතුර සිතෙන

නාලිනී ද සිල්වා

ඔබට බැඳුන සිත ඔබෙන් මිදී සමු ගෙන යනු බැරි දුකෙන් හිදී සුවඳ මලක තතු විමන් වැදී සිත ඇතුලෙ නිදයි යස රුවින් රැඳී පිපි රොබරෝසිය මල් වියපත් ව ඇගෙ දෙපා සිඹිනු දැක මන ලොල් ව සිත වෙහෙස කරයි දුක රසයක් ව අද නව රස ගී මුමුණයි එක් ව ඔබ කවුරු කියූවත් මුසපත් ව‍ පෙම ගැනම ලියූ කවි හිතවත් ව ඇය තවම නොඇසු රස රහසක් ව මම කොහොම ලියමි එය වියපත් ව පොත සිතටම බැඳගත් යුගයක ය අත එකට බැඳී සිටි පහසක ය ගත ලඟම රැඳී පිදු උණුසුම ය කිම තවම මගේ සඳ තනිකඩ ය පඩි පෙළ ම සිඹින පා යුග එක් ව පසු දිනෙක ඇවිද ගිය මග වෙන් ව ඇය ගිලිහි ගිය දිනේ හර සුන් ව මම ලියූ කවිය ඇත සිත බුන් ව එක දිගට ලියපු අකුරෙහි රැඳුන සුව සැදුන රසය මිහිරකි මිදුන නුඹ කිවිඳියෙක් වුනත් රස බෙදන දැන් ලියනු මැනවි පිළිතුර සිතෙන Photo: Kristina Litvjak
කවිය බලන්න