ශරත් සමය

ශරත් සමය

මාලිනී හෑගොඩ USA

කාලයේ තාලයට හරි තතම හරියටම වැයෙන ඒ රාවයට හඬ නොදෙන කන් කුමට කොළ පාට හංගන්න රතු පාට අරගන්න සුළං රැළි සිප ගන්න බිම පහස විඳ ගන්න පතන පත් ඇඳි තුරූ මවන ඒ විසිතුරූ දකින නෙත් පින් පිරූ තවත් මොකටද බොරූ පත් ඇඳුම් ගලවලා . රතු පලස බිම එළා තවත් ටික දවසකින් ගස් ඉතින් තනිවෙලා පලස මත ඇවිදිමී අලස ගති දුර ලමී අකුරු පොඩි අහුරමී කවියකට අරගමී
කවිය බලන්න