අමර  -  දේවයාණෙනි,

අමර - දේවයාණෙනි,

ගමගේ ලයනල්

මිහිරි වීණා නදට රස මුසු ඔබේ කටහඬ ගැඹුරු සියුමැලි දැනුත් ගුවනේ ඇසේ නිතර ම අපේ සිත් විකසිතවෙලා මුදු සරම ඇඳ ගැමි ගමන යන හැටි තරම දැන තත් පිරිමදින හැටි උඩගු මානය ද්වේශ සිත් නැති තව ම ඔබමයි අපට මිණි මුතු මිනිස් ගුණ දම් සිතක බල ඇති ඔබේ රූපෙට වෙනත් රුව නැති වත නැතත් මතකය මැකී නැති අමර ස්වරයේ ඔබයි හඬපති ( ඩබ්ලිව්. ඩී. අමරදේව ගාන්ධර්වයා අහාවප්‍රාප්ත වී වසර 7 ක් පිරීම නිමිත්තෙනි)
කවිය බලන්න