වසන්තය ඇවිත්

වසන්තය ඇවිත්

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

දුෂ්කර සරත් කාලය ඇත පෑල දොර ලස්සන වසන්තය අත ලඟ පේන දුර පස් යට නිදන මල් ඇට සැනසීම බර හුස්මක් ගන්න හඬ ඇහෙනව නේද සැර අතු සිඳි රෝස පඳුරේ දඬු වල අගිසී සතු නව ලදළු දැන් වස්සානය පැවසී රතු ඩේලියා අල පණ අරගෙන සැරසී මතු වී පිපෙන්නට අර අඳිතී වෙහෙසී වෙනදා නොමැති කඩිසර කම් එකතු කල පෙර දා තනිව ගැවසුණ නෙක කුරුළු කැල දෙදෙනා බැගින් වළඳති ආදරේ ඵල පිපෙනා වසන්තයෙ ලා හිරු කිරණ වල
කවිය බලන්න