මාවත් නොදැනුණු....

මාවත් නොදැනුණු....

සමන් අතාවුදහෙට්ටි

මා
පිණි බිඳක්
මහ කන්දක් මතට වැටුණ

මා
දිය පොදක්
මහ සයුරක් තුළට හැළුණු

මා
තරු කඩක්
අහසින් ගිලිහිලා වැටුණු

ඒ බව නොදැනුණු
කන්දත් ඔබම ය
සයුරත් ඔබම ය
අහසත් ඔබම ය

මාවත් නොදැනුණු ....

කවිය බලන්න