මට.....

මට.....

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

සමාවෙයන් මගෙ මල්ලියෙ - එක්කන් යන්නට නාවට පොල්රුප්පේ මං තනිය ම - රැක්කෙ අම්මා තාත්තාව තල් අරණේ කළබැගෑනි - දින දින උඩ මතුවෙන විට නුඹ ගියා ද අපව දමා - කාටත් නොකියා රහසෙ ම පොල්රුප්පේ කොහෙ හිටියත් ඉන්න අපේ වුන් වාගෙ ම තල් අරණේ කොහෙ හිටියත් ඉන්න වුනුත් අපි වාගෙ ම රණ්ඩු දබර වෙලා ගියේ උන්ගෙ වුවමනා හින්ද ද කොයි දේසෙත් එකෙක් - දෙකෙක් දිය යට ගිනි නොගෙන ගියෙ ද ඒ ගින්දර පත්තු වුණේ මව්පියො-සියොළඟ නොවේ ද පාතිඅම්මා කුරුපන් තල් අරණේ වැළපුණා නේ ද පත්තු කෙළේ ඒ ගින්දර උන්ටත් නුඹටත් නොවේ ය ඉහළින් වැඩ කරපුවුන්ගෙ ඉහ - මොළ පල්ලේ නිසා ය නුඹත් ගියා උනුත් ගියා අනෙක් වුන්ගෙ දෑස් තෙමා ඒ කඳුළැලි කෙදිනක හෝ නැගුණු ගින්න නැති කරාවි එදිනට දුක - සැප බලන්න බුදු මල්ලියෙ ඇවිත් යන්න! අකාල මරු කතරේ රට-දැය සුරකිනු ව මරු අතරේ සැඟවුණු යසද් ජයනාත් අමරසිංහ නම් වූ මගේ මල්ලීට මගේ කවි කුමුද උපහාරයක් ම වේවා!
කවිය බලන්න