සංවේගයෙන් දැනුම් දීමයි...

සංවේගයෙන් දැනුම් දීමයි...

වෛද්‍ය වරුණ ජයසිංහ එක්සත් රාජධානිය

සරත් කල අග විඩාපත්
වනස්පතියක් වයස් පත්
සමු දී වෙත සිය තුරු පත්
කෙඳිරි ගා මිහි මතට බර වෙත්

වට පිට රැස් ව ගත්
තුඟු තුරුණු තුරු හිස්
හෙලමින් කඳුළු පිණි පත්
ඉඩම හිමිකර ගනු වැ වෙහෙසෙත්

උකටලි ව නිදි ගත්
බිජුවට ද රිජු වී බලත්
දැන තම කල ආ පවත්
වෙලෙවි ව අතු පතර විහිදා නැඟ එත්

පැමිණෙත කල වසත්
පලා පැහැයම යලිත් රජ වෙත්
දිරා බිම වැද හොත්
ගස මැ, නව ගස් හට පොහොර වෙත්

කවිය බලන්න