බුමුතුරුණු

බුමුතුරුණු

වෛද්‍ය වරුණ ජයසිංහ එක්සත් රාජධානිය

ඈත වියළුනු බිමෙක බේරුණු හොඳම හණ පතින් තේරී සියුම් හුය සේ ඇඹරී, ගහේ, කොලේ, මලේ සාරයෙන් පාට පෙවී, සුවඳ කැවී කෘතහස්ත සන්නාලියන් අතින් හෝරා සිය ගණන් මල්කමින්, ලියකමින් විසිතුරුව සීරුවට ගෙත්තම් වී, දහසින් බැඳි පියල්ලෙන් මිල ලැබ මෑත විසල් මැදුරක් වෙත පැමිණ, තමාගෙන් සියෙන් එක් කඩක් වත් නොවටනා මිරිවැඩි වලට නිබඳවම පෑගෙන බුමුතුරුණු Photo; aisvri
කවිය බලන්න