කළු ඉරිදා

කළු ඉරිදා

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

හිත යට ගිනි පුපුරු තනිකම ළඟ දැවෙනා විස කටු ඇනුණු සිතිවිලි කඳුලක වැටෙනා ඉසි මල් සුවඳ නොදැනිම පරවුණු බැවිනා ඇසි දිසි පැතුම් අනියත හෙට දින එබෙනා දෑ අවුරුද්දකට පෙර අඹු දරු කැටුව අවුරුදු මේසයට පැමිණියෙ හද තුටුව පිපි මල් ගිලිහිලා අත්හරිමින් නටුව පල්ලියෙ මළ එවුන් අතරේ නම කෙටුව නින්දට එන්න නොදෙනා බියකරු සිහින සිත්යට අඬනවා නැති පිළිතුරු සහන ඇත්තට තැනක්‌ එනතුරු දල්වන පහන පැත්තට හැරී නිවිලා යාවිද දැහැන 2021/3
කවිය බලන්න