උසාවිය නිශ්ශබ්ද වෙනු  !

උසාවිය නිශ්ශබ්ද වෙනු !

එස් එල් සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

උසාවිය නිශ්ශබ්ද වෙනු ! යමහලක් සේ උතුරා - සිත දවා හඬවා යළි නිවී යන මතක සැමරුම් අතරේ - දිලී ඇවිලෙන පහන් සිල නුඹ දවා අත්තටු මා ගිලන් කළ, නීතියේ දෙවඟනට නොකියා - මිළට ගෙන නුඹ මගේ රන් බඳ පතා මුවරද, තලා පරමල, - චිමිනියක් නැති පහන් දැල්ලට පෙම් කළා අඳුරේ ..... තාවකාලික ස්වයංවරයක - වරා නිදි මා රතැසි මුහුණින් කිරි වරා නැති පුතු දරා උර - සිපිරි ගෙට යන රියක අසුනක උන්නු දා නගරේ .... වැසූ නිලරිය කවුළු කළුපැහැ - යට මුවාකර පුරුදු දෙඅදර නොහඳුනන්නිය වෙතින් ගැළවී - ලොවට යුක්තිය පසිඳලන්නට නුඹ ඉගිලුණා රහසේ.... ගුගුරුවා මුළු උසාවිය මොරදී - මගේ වැහැරුණු දෙතන අතහැර හඬද්දී පුතු මගේ උරමත, - ‘උසාවිය නිශ්ශබ්ද වෙනු’ යැයි නුඹ හඬ නැගූ මොහොතේ... සැණින් ගොළුවු මපුතු මුව දැක - උපැස් යුවළට මුවාවූ නුඹ නැගී විනිසුරු අසුන තනිකර - ගියත් හනි හනිකේ මපුතු හැඬුවේ නැහැ ඉතින් ආයේ .....
කවිය බලන්න