මගේ හෘද සාක්ෂිය....

මගේ හෘද සාක්ෂිය....

නයනශාන්ති දිසානායක

ඈ මගේ බිරිද.... මං අකමැතිම තරහ උනාම 'දික්' කරන් ඉන්නවට ඒත්, මම දන්නේ නෑ කැමති ද කියලත් එකට එක කියවගෙන රණ්ඩු කෙක්කක් වගේ එල්ලි එල්ලි ම එනවටත්... ඒත්.. ඇයි ඈ එහෙම 'දික්' කරන් ඉන්නේ.. මගේ කිසිම කිසි වැරැද්දක් ඇත්තේ ම නැතුවම ද.. මම කැමතියි ද ඈ කියන දෙයක් කනක ට ගන්න.. ඈ කී දෙයක් ඇත්ත වෙනවට එහෙම.. ඒක මට මදි පුංචි කමක් නොවෙයි ද ඈ ලග අහංකාර මගේ හිත ඈ ගැන ඊරිසියාවෙන් නොවේ ද... බොහෝ වෙලාවට ඈ හරියටම හරි.. ඈ නිහඩ උන, මම හිතුවක්කාර උන.. නාස්තිකාර මගේ අත් හදා බැලීම් ලග සල්ලි මම හම්බකරා ම උනත්.. ඈ හිතුවේම මං ගැන, මේ කූඩුව ගැනම .. එහෙත්, ඈ දරා හිද ම උර දුන්නේ නොවේද.. මගේ හීන වෛවර්ණ ගන්ණන්න.. අත් නොහැර මා.. ඈ, ඈව අත හැර.. ඇගේ හීන අත හැර මගේ හීන මත්තේම සැනසෙන්න ආ ඈ.. තපස්වර වී ද මා දමනය වී නිවීගිය.. තාමත් පිරුණු ඇගේ ලැම.. පුළුලුකුල.. පැද්දෙනා නිතඹ රසදුන් වූවාට යනෙන මග තොට.. ඈ ඉතිං වැරදියි ද.. රැකිය යුතුම ද පති දම් ම සති පූජා කරන්නට තනිව යහනක සුසුම් හෙලමින්.. විදවමින්.. අතර මග .. මේ ලෙසට.. අතැර.. හුදකලා කොට.. ඈ.. ඒ උනත්, තාම ත් ඈ ඇගේ හැගුම් සගවාන හදවතේ බරට මා දරා සිටිනා ඈ ගෙන් මා මේ දුරස් බව, ආගන්තුක බව බිදිය යුතු නොවේද.. අඩුම තරමින් තුරුළු කොට උණුහුම් ව එක ම එක සෙනෙහසේ හාදුවකින් වත් ඈ එයින් සැනහෙනවා සත්තමයි.. මම දන්නවා.. ඈ මගේ බිරිදයි.. අහංකාර මගේ හිත ඉඩ දෙයිද ඒකට.. 2023/09/08
කවිය බලන්න