අනියත දම් රස

අනියත දම් රස

කේ.පී.එස් සචින්ත්‍රා හෝමාගම

විදෙන හිරුරැස සොඳුරු අරුණේ සිඳෙන සඳයම අඳුරු වැදුණේ පිපෙන කුසුමක සුවඳ රැඳුණේ පරව හැකිළෙන පෙති ද මිදුණේ සිපෙන මඳනල සැඩව හැමුවා ගලන ගඟුල ම විපත සැදුවා නැගෙන දිය රැළි සයුරෙ බිඳුවා දහම අනියත ලොවක රැඳුවා සිනහ මව මව සතුට නැගුණා කඳුළ එනමුදු යළිදු ඉනුණා සෙනෙහෙ රඟදෙන අය ම ගැටුණා ලොවම අනියත දහමෙ රැඳුණා සසර බියකරු බවකි හැඟුණා වෙළෙන කහවත සුවය දැනුණා රසය විදසුන ඉවෙහි වැටුණා නිවන මගමුල සුවඳ ඉහුණා
කවිය බලන්න