ඒත්  දැන්  හිතනව ද ?

ඒත් දැන් හිතනව ද ?

ගමගේ ලයනල්

තණ පඳුරු හැදෙනව ද ? පවුරු බැමි ගල් හිසක තුරු ලතා වැඩෙනව ද ? කොන්ක්‍රීට් බිම් කඩක කම්බියක හැදෙනව ද ? ජම්බු ගෙඩියක් රසක ඒත් දැන් හිතනව ද ? වෙහෙස වැද තරඟයක දිය තිබහ නිවනව ද ? කර පොළොව උඩ වැතිර ගත සිසිල විඳිනව ද ? රළු සුළඟ උණුසුමක වෙණ නලා වයනව ද ? වේදනා පිරුණු සිත ඒත් දැන් හිතනව ද ? සතුට ඩැහැ ගත් රහස මල් සුවඳ දැනෙනව ද ? කඩදාසි මල් ගොඩක ආදරය හැඟෙනව ද ? ගල් හිතක පැටලුමක කුණු ගඳට සිටිනව ද ? නාස් පුඩු අත නොහැර ඒත් දැන් හිතනව ද ? විඳින දුක නිවන මග
කවිය බලන්න