මියගිය ඇයට………

මියගිය ඇයට………

ලතා ද සිල්වා මෙල්බර්න්

සඳ මුහුණ ඔබ වගෙයි - සිසිලසයි ප්‍රියන්කරයි මට කියා දෙන්න ඔබ - සැඟවිලා ඇයි ගියේ මම බලා ඉඳිමි - කල්පයක් පුරා යලි දකින තුරු - ඔබේ නුවන් පුරා හිනැහෙන්නෙ චූටි දුව - වගේ ඔයා පොඩි පුතා කියයි - සුරංගනා කතා ඉන්නවලු අම්මි සුරන්ගනා ලෝකයේ ඒ ඇසුනේ නැද්ද ඔබට ලැබැඳීයේ නිදි නොමැති දෑසේ කොන - ඔයා ඉඳියි සැඟවෙයි ද ඔබ යලිත් - තාම බයයි සීනයෙන් ඇවිත් - දෑත පිරිමදියි මේ සසර පුරා - ඔබ මගේ තමයි මම බලා ඉඳිමි - කල්පයක් පුරා යලි දකින තුරු - ඔබේ නුවන් පුරා නවසීලන්තය 29 මැයි 2023
කවිය බලන්න