වැලිහිඳ ගාමිණී ගාල්ලගේ   කිවිඳු සමුගත් වගයි

වැලිහිඳ ගාමිණී ගාල්ලගේ කිවිඳු සමුගත් වගයි

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

සිහසුන දැරු හිටිවන කවි මඩු රජෙකි මිණිවෙන සදිසි සිත් බැඳි රන් කට හඬෙකි හමුවන නොවන කොයි කාගෙත් හිත වතෙකි දිනමිණ පැදි නදියෙ කිමිදුණු සුලවතෙකි --- ඉර බටු තරුව 'සිතකස' කවි අඹරේ දිලී සර සවි සමග දිවිමඟ දීගයෙහි වෙලී කර දර කොතෙක් මුත් නොසිටිය දුකෙන් සැලී වර දක් නොකළ මිනිසෙකි වස්තුවට ඇලී ---- සමුගත් අජිත් ගේ ජී.එම් සිසුවෙක්ව ඔබලත් දැණුම අපමණි ළඟ මිතුරෙක්ව සිටියත් දිගු කලක් ඔහුගේ සගයෙක්ව කවුරුත් නොසිටියහ ඔබ හා සතුරෙක්ව --- කවි මඩු වල රැදී පැය විසි හතර පුරා අවි යක් කරන් කවියම මැවු රසය පෙරා දිවි මඟ ගියේ අඩ සිය වසරෙකියැ දරා තැවිදැවි කිමැයි මරණය එනවමයි කරා --- මහධන ඉසුරු පොදි,බදිමින් අතර මඟේ කිසිදින ඔටුණු නොපැළැදි මිනිසෙකියැ අගේ පුදසුන හද මඩලෙ පිපි මල් සුවඳ දිගේ ඔබයන කොතැන කවියෝ ඇත එකම වගේ --- අකුරක් වගේ කෙටු පාෂානයෙක රුව බිඳුවක් මකනු බැහැ යනතුරු ගමනෙ බව මොහොතක් සිතනු මැන දෙව්ලොව සිටින තව කවියෙක් කවියෙකුට නොපතයි නිවන් සුව ============================== කලාභූෂන කිවිපති ඩබ්ලිව් කේ සරත් විමලසිරි (අතකස හිටපු සම ලේකම් ) ======================= 22/5/2023
කවිය බලන්න