දුෂ්කරය මේ කඳු වැටි තරණය

දුෂ්කරය මේ කඳු වැටි තරණය

කපිල කුමාර කාලිංග

දුෂ්කරය මේ කඳු වැටි තරණය එක් මුදුනකට නැඟි පසු, දුර පෙනෙයි තව මුදුනක් හරි අඩකටත් වඩා පසු කළ ද එකිනෙක කඳු මුදුන් යා යුතු දුර ද එපමණය. ඔලොගු බර උර මත අතැර යා නොහැකිය අවැසි බොහෝ දේ ඇත එක්‍ රැස් කළ. මියුරු ගීයක් ඇසෙයි එහා කන්දෙන් හමා එනු, සිහිල් පවනේ දැවටෙමින් කැඳවීමකි එය වෙහෙස නිවාලන ගනිමි ඔලොගුව උරට, තබමි තව පියවරක් ඉදිරියට ආපසු ගමනක් නම් නැත මේ කඳු තරණයේ, තව තව පෙනේ තුඟු කඳු මුදුන්... IT'S HARD TO CROSS THIS MOUNTAIN It's hard to cross these mountains , as one summit is climbed, there will be another seen in the distance Climbing more than half to reach the summits despite The climb still remains the same, a very big height. It's impossible to unload the weight of the rucksack on the shoulder , coz it contains a lot of vital things collected, by the holder A sweet ditty is being heard blowing from the distant mountain blurred enwrapping in the soft cool breeze that stirred It's really like a call which loosens the weary gird I take the rucksack once again on my back and go one more step forward on the mountain track There'll be no return journey in this crossing , There see one by one, more peaks high rising . Translation by Sunethra Aluthdunna
කවිය බලන්න