කෑගලු පුරාවත

කෑගලු පුරාවත

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

දැන් නුඹෙ නෙත් මඟයි කෑගලු ගල පැත්තේ තැන් - තැන්වලින් පැන ගිය රජු එහි නැත්තේ කන් දී හොඳින් සැමට ම දැන තතු මත්තේ රන් කරඬුව සොයනු අද කොහිදැයි ඇත්තේ හරි හැටි දැන ගනුව විස්තර අසා පන් හරි හැටි දන්න දන හමු වෙයි බලා පන් හරි හැටි පැටිකිරිය රස කොට අනා පන් හරි හැටි නොදත් දෑ හෙළි කර කියා පන් ගලින් - ගලට පැන ගිය රජු වළ ගම්බා මලින් හිසට බැඳ වැඳ බුදු හිස සිම්බා රුපුන් ඇසට දැකුමට විසකම පිම්බා රජුන් ගතට දිරිගෙන පය බිම තිබ්බා කෑ ගල් ලෙන් අතැර මාවන ඇල්ල කරා තැන වෙයි කදක් දුන් ඔහු රයිගමට සොරා විකුණා ගියෙ ද දිනුවැයි උහු සිතෙහි දරා දන්නෙ ද මෙ ගමෙ නම කද ගුරා හැර බැලූ ගුරා පෑ දී නැඟුණු හඬ සතුරන් පෙති ගස ව ඈ දී නුහුණු විට උන් දැකුමත් විස ව දෑ දී පෙණුනු සඳ වන දිවියට රස ව සෑ දී අබා වළගම්බා හැර බිස ව පිරිවර රැගෙන බුදු සසුන ද ගෙන ඇවැසී පිරිවර නැගෙන තැන - තැන වෙසැ’ති ව රහසී අතහැර තිබුණ දඹරන් ගිරි ලෙන නිවැසී හිරිහැර නොගෙන මඟ දැන වාගිරි පිවිසී දැඩි ලෙස රැකවරණ පිට ලැබ සැල කිල්ල වැඩි ලෙන්ගතුකම ද දැන බහිරව බිල්ල සැඩි ලෙස රුපුන් පැමිණිය හොත් කර මෙල්ල කොඩි ජය බඳින්නට ජය ගෙන සිතු විල්ල රද පිරිවර ද දැඩි වෙහෙසින් තැවුණු ගතේ රැය නිදි වරා රැකි කරඬුව වැසුණු සිතේ විය නිරතුරු පහන් නොදැනි ම බැඳුණු මතේ මැද ගල් ලිප බි‌f`දයි ගිනි දළු ඉදුණු බතේ අලු යම් උදයෙ බත් කා ගමනේ ගත් තේ වග නම් කියනු බුලතට ගිරයයි නැත් තේ ඇති නම් එ තැන “අප බත් කෑ ගල” මත් තේ වෙන නම් තැනක් නැත අන් එ තැනයි ඇත් තේ එ රද එ පුර පිටියෙහි ඇති තුරු නිල්ල මෙ රද එ පුර විඳ ගති ගරු සැල කිල්ල “බත් කෑ ගල” පසු ව නම් ගති කෑ ගල්ල අදටත් දකිත හැක එහි ඇති ගල් තැල්ල
කවිය බලන්න