මම තාම  නිදි නැතේ...

මම තාම නිදි නැතේ...

ප්‍රීති රන්දෙණිය

පැමිණෙන්න මද සුළග ගෙන යන්න මල් සුවද නොනිදා වි ඈ තාම මා ගැන ම හිත හිත ම අතුරන්න මල් සුවද පවසන්න ආදරය සනසන්න මා ලෙස ම සිප වැලද මුදු දෙතොල පපුතුරේ උණුසුමට උරතලේ සුව වින්ද මට දුන්න ඒ සුව ද මදි බව ම පවසන්න සුසිනිදුම මුදු දෙතොල තව වරක් සිපගන්න බැරි ව මම ලතවෙනා බව කණට මුමුණන්න රතු වෙච්ච කම්මුලේ ලතවෙච්ච සුසුම මගේ ගෙන එන්න මදනලේ මම තාම නිදි නැතේ...
කවිය බලන්න