සබයට එනු මැනවි සුව බල ලැබ ජැක්සන්

සබයට එනු මැනවි සුව බල ලැබ ජැක්සන්

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

නෙක ලෙස කලා ලෝකය තුළ දා ඇක්ෂන් පෑයුරු විකුම් මතකය තුළ ඇත උස්සන් වෙනසක් නැතිව යළි තම හැකියා වස්සන් සබයට එනු මැනවි සුව බල ලැබ ජැක්සන් සිහිවෙයි විවිධ ලෙස පානා ලද විස්කම් පෙර පින් බලෙනි ලැබුවේ ඔබ මේ දස්කම් බාධක එන්නෙ නොබලා සැම මිටි උස්කම් වේවා සුවය සපිරී පින්වල හිස්කම් එක එක ලෙසින් ලක්වැසි සැමගෙම සිතෙහී ඔබ ගැන නැගුණු දුක දැකගත හැක වතෙහී සැමදෙන සුව පතති රදවා සිත මෙතෙහී එම සෙත් වලින් ලෙඩ දුරු වේවා ගතෙහී ඔබ ගැන ප්‍රිය නොවන කිසිවෙකු වෙත සතුරු පෙර තිබුණි නම් සිතිවිල්ලක් පස මිතුරු අමතක කර දමා නොම කරගෙන ඉතුරු සෙත සුව පතති රැක මිනිසත්දම උතුරු සයුරක් කියා සිතුවොත් මුළු කලාවම ඔබ තල්මසෙකි පිහිනූ සැම කොනේහිම තිදෙනෙක් තවත් නම ඇති ඔබ සමාගම කලතා සයුර පිහිනති ඔබ විලාසෙම සිරිලක කලාවට කළ මෙහෙවර අසම බැහැ අගයන්ට වදනින් සිතුවත් කොහොම ඉන් ලද පිනම ඇති සැනසෙන්නට සිතම සුව බල ලබා යනු මැන නිවසට හෙටම ඉඳ ඉඳ සුහද ලෙස හැම හදකම පැහැද විඳ විඳ සුවඳ මන බැඳ දරු කැළ බිරිඳ සොඳ සොඳ පබඳ කර නෙක නිමැවුම් නොමද බැඳ බැඳ සැපද දුන් ඔබ සුවවෙයි සබඳ
කවිය බලන්න