මගේ සවියත් දෙන්න

මගේ සවියත් දෙන්න

පිරිවරක් දුක් වෙද්දි බැහැනෙ මට වාවන්න තනි අලියා මම කැලේ හැක රිදුම් ඉවසන්න තව බොහෝ දේ තියේ ලෝකයට කර යන්න සිංහයට නැගිටින්න මගේ සවියත් දෙන්න ඝණ අඳුර වෙලාගත් රැයේ පය ඔස වන්න පමාවක් වුණේ ඇයි මේ විපත් සිදුවෙන්න මට වාරු නැති නිසා කෙලින් හිටගෙන ඉන්න සිංහයත් යට කරන් මට වුණා ඇලවෙන්න බිදක්වත් පෙනුණිනම් මාව බේරන් යන්න සිංහයා එන්නෙ නෑ මගෙ ඇඟේහැප්පෙන්න මගෙ සවිත් අරන් හැකි ඉක්මනට නැගිටින්න දන්නවා එන බවත් නුඹ මාව දැක ගන්න 2022/08/01
කවිය බලන්න